Saturday, May 5, 2012

Windows 7 බූට්‌ ස්ක්‍රීන් එක වෙනස් කරගමුද?

                           ආයුබෝවන් යාලුවනේ......

කොහොමද ඉතින්? මේ මගේ පලවෙනි තාක්ෂණික බ්ලොග් එක වගේම මුල්ම පොස්ට් එක. ඔයගොල්ලන්ව බොහොම ආදරයෙන් පිලිගන්නවා. අද වෙසක් දවස. එක නිසා ඔය හැමෝටම සුබ වෙසක් පොහෝ දිනයක් වේවා!
ඉතින්, අද මම කියල දෙන්න යන්නේ පොඩි වැඩ කෑල්ලක්. වින්ඩෝස් 7 වල බූට්‌ ස්ක්‍රීන් එක කොහොමද වෙනස් කරන්නේ කියල.

1 වෙනි පියවර
මුලින්ම අපට ඕනේ Windows 7 Boot Updater කියල සොෆ්ට්වෙයා එක. ඩවුන්ලෝඩ් කරගන්න යට තියෙන පින්තුරේ ක්ලික් කරන්නකෝ.
2 වෙනි පියවර
හරි. දැන් ඕක ඉන්ස්ටෝල් කරගන්න දෙයක් නැහැ. හැබැයි මතක තියාගන්න. ඕක රන් කරන හැම තිස්සෙම රයිට් ක්ලික් කරලා, "Run As Administrator" කියල තමයි යන්න ඕන.


3 වෙනි පියවර
දැන් අපි අපිට ඕන කරන සොෆ්ට්වෙයා එක දාගෙනයි තියෙන්නේ. දැන් අපිට ඕන බූට්‌ ස්ක්‍රීන් ටිකක්. මේකට සපෝර්ට් කරන්නේ .Bs7 වර්ගයේ බූට්‌ ස්ක්‍රීන් වර්ගය තමයි. ඊට අමතරව Frame 150 ක  ඉමේජ් වර්ග සපෝර්ට් කරනවා. එත් ඒවා එච්චර සාර්ථක නැහැ.

එහෙනම් අපි බූට්‌ ස්ක්‍රීන් එකක් ඩවුන්ලෝඩ් කරගමුකෝ. යට ලින්ක් එක ක්ලික් කරන්න.

                                                   Download Now  
4 වෙනි පියවර
දැන් අපි බූට්‌ ස්ක්‍රීන් එක Winrar වලින් extract කරගමු. ඔන්න දැන් අපිට තියෙනවා BS7 ෆයිල් එකක්. දැන් අපි Windows 7 Boot Updater
එක  ඕපන් කරගමු. "Run As Administrator" කියල තමයි යන්න ඕන. නැත්තං වැඩ නැහැ. 
තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මේක ගොඩක් වැදගත්. ප්‍රෝග්‍රෑම් එක ඕපන් කලාට පස්සේ, "Options" මෙනු එකේ පහල තියෙන විදියට ඔයාගේ PC එකේ Boot Sector එක, bootmgr එක, winload සහ අනිත් ඒවා සිලෙක්ට් වෙලා තියෙන්න ඕන. එහෙම නැත්තම් මේ වැඩේ කරන්න යන්න එපා. boot sector එකට අවුලක් වෙලා, මැෂින් එක ඔන් වෙන්නෙවත් නැති වෙයි.
 මෙන්න මේ විදියට පාර්ටිෂන් එක සෙලෙක්ට් වෙලා තියෙන්න  ඕන.

5  වෙනි පියවර 
ඔක්කොම  හරි. දැන් "File> Load boot Skin ගිහිල්ල ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු Bs7 ෆයිල් එක Locate කරලා දෙන්න. දැන් දකුණු පැත්තේ Preview එකක් පේනවා. Play කරලා බලල, සැටිස් නම් වම පැත්තේ තියෙන "Apply" ක්ලික් කරන්න.

දැන්  හරි වැඩේ! මැෂින් එක Restart කරලා බලන්න.
Comment එකක් දාන්න අමතක කරන්න එපා හොඳේ.......

4 comments: